USB/hard disk එකේ files හොරෙන් තියා ගන්න


ලෝකයේ ජනප්‍රිය software එකක් ගැන තමයි අද ලියන්නෙ.
මේකේ නම Truecryptofficial site එකෙන් software (3.32MB) එක බාගන්න. windows 2000, XP, Visata , 7 හැම එකකටම වැඩ කරනවා.

තව වැදගත් දෙයක් කියන්න ඕනි මේ file එක බාගෙන ඉවර වෙලා install කරන්න යද්දී තමයි තීරණය කරන්න ඕනි මේක portable විදියට තියා ගන්නවද (තැන තැන ගෙනියන්න) නැත්නම් ඔයාගේ Computer එකට විතරක් install කර ගන්නවද කියල. Computer එකට විතරක් install කර ගන්නවානම් මේ පින්තුරේ තියෙනවා වගේ ‘install’ තියන්න, portable විදියට ඕනි නම් ‘extract’ select කරලා next කරන්න. extract කරන්න ඕනි location එක දෙන්න. ඒ files ටිකත් USB/External Drive එකේ දාගෙන යන්න වෙනවා තැනින් තැනට. 
 Install truecrypt to hard drive or extract to use as portable
මේක වැඩ කරන විදිය කෙටියෙන් කියල දෙන්නම්. (වැඩි විස්තර පසුව)
මේ software එක භාවිතා කරලා folder එකක් හදා ගන්න ඕනි. මේ folder එක හඳුන්වන්නේ file container එක කියල. ඒක ඇතුලට තමයි encrypt කරන්න ඕනි files දාන්නෙ. ඕනි නම් hard disk එකේ හදා ගන්න පුළුවන්. නැත්නම් USB drive වගේ external drive එකක හදා ගන්නත් පුළුවන්. හදා ගන්න වෙලාවට file container එකට උපරිම capacity එකක් දෙන්න පුළුවන් තමන්ගේ අවශ්‍යතාවය අනුව. files ටික බලන්න ඕනි වෙලාවට අලුතින් drive letter එකක් හදා ගෙන ඒකෙන් තමයි files බලන්න වෙන්නේ
බලමු එහෙනම් කාටත් හොරෙන් file තියා ගන්න විදිය. (මේ ලිපියෙන් ලියන්නෙ file container එකක් හදා ගෙන file encrypt කරන විදිය විතරයි.)
                     මුල්ම window එක පහල තියන පින්තුරෙ වගේ පෙනේවි. මුලින්ම මම කලින් කියපු file container එක හදා ගෙන ඉන්න ඕනි. ඒ නිසා create volume කියන එක click කරන්න.
Truecrypt main window
ඊලගට එන window වල දෙපාරක් next කරන්න. මේ පින්තුරෙ වගේ file එකක් තෝරන්න තැනක් ඒවි. මෙතැනදී තමයි file container එක හදන්නේ. ‘select file’ click කරන්න. save කරන්න ඕනි location එක දෙන්න. USB drive එකක් ඇතුලේ, එහෙම නැත්නම් hard disk එකේ හදන්න පුළුවන්. file එකට කැමති නමක් දෙන්න. save කරන්න.   
Create file container
‘Next’ click කරන්න. encryption option එක select කරන්න ඒවි. next කරන්න. ඊලගට Volume size එක දෙන්න ඕනි. මෙතන කියන්නේ file container එකට දෙන්න ඕනි උපරිම capacity එක. තමන්ගේ අවශ්‍යතාවය අනුව කැමති ඉඩක් type කරලා දෙන්න.
Volume size
‘Next’ click කරන්න. මුරපදයක් දෙන්න. (software එකෙන් නම් කියනවා අඩුම අකුරු 20 ක එකක් දෙන්න කියල). අකුරු ගාන වැඩි වෙන තරමට ආරක්ෂාව හොදයි. ඊලගට අහනව 4GB වලට වඩා වැඩි file තියා ගනවද කියල මේ container එක ඇතුලේ. තියා ගන්නවානම් yes කියල දෙන්න. next කරන්න. ‘Volume Format’ කියල window එකක් ඒවි. format කියල තියන එක click කරන්න. format වෙනවා පෙනේවි. ඒක format වෙලා ඉවර උනාම exit click කරන්න තියෙන්නේ.
file container එක හදා ගෙන ඉවරයි. දැන් තියෙන්නේ encrypt කරන්න ඕනි files, container එක ඇතුලට දාන එක. මුලින්ම දැකපු window එක open කර ගන්න.  ඒකෙ තියෙනව select file (1)කියල. ඒක click කරන්න.
කලින් හදා ගත්ත container එක හොයා ගන්න ඕනි එන window එකෙන්. ඒක select කරලා open කරන්න.  උඩ තියන drive letters වලින් කැමති letter එකක් select කරන්න. Mount (2) කියන එක click කරන්න.
කලින් දීපු මුරපදය ඉල්ලනවා. ඒකත් දීල ok කරන්න. drive letter එකේ mount වෙලා වැටෙනවා පෙනේවි. My computer එක open කරගෙන බලන්න. තෝර ගත්ත drive letter එක ඒකෙ පෙන්නනවා. දැන් පුළුවන් ඕනි කරන file ඇදගෙන ගිහින් දාන්න එහෙම නැත්නම් copy >paste කරන්න ඒ drive එක ඇතුලට. ඒවා drive එක ඇතුලට යනකොටම encrypt වෙනවා. ඒ නිසා අමුතුවෙන් මුකුත් click කරන්න ඕනි වෙන්නේ නෑ. file ටික හංගන්න ඕනි උනාම Dismount click කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් computer එක restart කලත් power off උනත් ඉබේම ඒවා encrypt වෙනවා.
portable එකේ අවාසියකට තියෙන්නේ Admin අවසර තියෙන්න ඕනි භාවිතා කරන්න. ඒත් මම නම් එක ඒ තරම් බරපතල අවාසියක් කියල හිතන්නේ නෑ. එක හේතුවක් තමයි මේක සම්පුර්ණයෙන්ම නොමිලේ. ඒ වගේම truecrypt site එකෙන් කියනවා වගේ portable මේ software එක භාවිතා කරන එක ඒ තරම් ආරක්‍ෂිත නෑ. අපේ password උනත් වෙන computer එකක admin ට හොයා ගන්න ලේසි නිසා වෙන computer එකක භාවිතය ඒ තරම් සුදුසු නෑ. ඒත් USB එකක වෙනමම files ආරක්ෂිතව තියා ගන්න මීට වඩා හොද (නොමිලේ) software එකක් මට නම් හොයා ගන්න බැරි උනා. මේ ගැන අන්තර්ජාලයේ එක තැනක සඳහන් වෙලා තිබුන FBI එකේ අයටත් මේ file decrypt කරන්න බැරි උනා කියල.  :)

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel USB/hard disk එකේ files හොරෙන් තියා ගන්න ini dipublish oleh nishawi pada hari Saturday, July 28, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan USB/hard disk එකේ files හොරෙන් තියා ගන්න
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...