Torrent ගැන දැනගනිමු


 Torrent කියන්නේ මොනවද කියල මේ post එක කියවල ඉවර වෙනකොට ඒ ගැන දන්නේ නැති අයට සාමාන්‍ය දැනීමක් වත් එයි කියල හිතෙනවා....
මේක දැනට ඉන්ටෙර්නෙට් එකේ ප්‍රමාණයෙන් විශාල file share කර ගන්න ජනප්‍රිය ක්‍රමයක්. file කිව්වම movies, softwares, TV shows, E-Books, games වගේ දේවල්. (ඔයාලට ඕනි කරන software හොරෙන් අර ගන්නත් දැනට තිරගත වෙන ජනප්‍රිය ෆිල්ම් අර ගන්නත් පුළුවන්.) :) 

Torrent ගැන කෙටියෙන් කියනවනම්  කෙනෙක් හෝ කීප දෙනෙක් upload කරන අතරේ අනිත් අය upload කරන දේ කොටස් වශයෙන් download කර ගැනීමක් වෙන්නෙ.  මේ ගැන මම උදාහරණයක් එක්ක කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නම්. කෙනෙක් තමන්ගේ torrent file එකක් හදල ඒක upload කරනවා අන්තර්ජාලයට (හදන හැටි වෙනම කියල දෙන්නම්) 100Kbps speed එකකින්. ඒ file එක අමාරුවෙන් හරි එයා upload කලාම තව 10 දෙනෙක් ඒ file එක download කර ගන්නවානම් ඒ 10 දෙනා අතරේ upload speed එක බෙදෙනවා එක්කෙනෙක්ට 10kbps download speed එකක් තරමට.  මේ 10 දෙනා හැදින්වෙනවා peers එහෙම නැත්නම් Leechers (කුඩල්ලෝ) කියල. upload කරන අය හැදින්වෙන්නේ seeders ලා කියල. මේ 10 දෙනාත් file එක download කරගෙන ඉවර උනාම ඒ අයටත් පුළුවන් තමන් download කර ගත්ත file එක එසැනින්ම upload කරන්න. එතකොට ඒ අයත් seeders ලා වෙනවා. (කොහොමත් download කර ගන්න අතර වෙලාවෙත් upload වීමක් වෙනවා.) සම්පුර්ණයෙන් download උනාට පස්සේ ඒ 10 දෙනාම file එක upload කරනවානම් 100kbps speed එකකින් එතකොට file එකේ download ස්පීඩ් එක වැඩි වෙනවා 1100kbps තරමට. දැන් ඊලගට එන අයට කලින්ට වඩා වැඩි වේගයකින් download කර ගන්න පුළුවන් වෙනවා. මන් දැකල තියෙනව හුඟක් අය කියනව torrent file වැඩක් නෑ සැහෙන කාලයක් යනවා කියල බාගන්න. එක හරි ඒ තරම් ජනප්‍රිය නැති torrent එකකට නම්, එත් seeders වැඩි ගානක් ඉන්න torrent එකකට නම් ඒ කතාව අදාල වෙන්නෙ නෑ.
torrent file එකක් කියල හැදින්වෙන්නේ KB ගණනක කුඩා file එකක්. එකේ තමයි download කර ගන්න file එකේ ප්‍රමාණය, කොතනද file එක තියෙන්නේ යනාදී විස්තර අඩංගු වෙන්නෙ.
 මේ torrent file එකට අදාල දේ download කර ගන්න නම් ඒ සදහාම වෙන්වු software එකක් install කර ගන්න වෙනවා. මේ පහළ තියන ලිස්ට් එකෙන් කැමති software එකක් බාගන්න. මම නම් භාවිතා කරන්නේ Bittorrent එක.
install කර ගන්න එක ඒ තරම් අමාරු වෙන එකක් නෑ. ඒ නිසා ඒ ගැන කියන්නේ නෑ. BitTorrent එකේදී මේක කර ගන්න හැටි මං කියල දෙන්නම්. මොනව කරන්නත් කලින් දැන් torrent file එකක් හොයා ගන්න ඕනිනේ. torrent file ගබඩා කරලා බෙදා හරින site ගණනාවක්ම තියෙනව. පොඩි list එකක් පහල තියෙනව.
මම දැන් ඉන්න රටේදී හුගක් site බ්ලොක් කරලා තියන්නේ. ඒ නිසා ඒවායේ නම් මෙතන ලියන්නේ නෑ. තව ඕනි තරම් site හොයා ගන්න පුළුවන් search කරලා බලන්න.
දැන් බලමු කොහොමද ඕනි කරන torrent එකක් හොයා ගෙන ඒක download කර ගන්න විදිය.
මට download කරන්න ඕනි film එකක්.  piratebay එකෙන් Robin Hood film එක බාගන්න විදිය කියල දෙන්නම්. මුලින්ම site එකට ගිහින් Robin Hood කියල type කරලා search කරන්න. මේ වගේ list එකක් ලැබේවි.
ඒ එන ලිස්ට් එකේ SE කියල උඩින්ම තියෙන්නේ seed කරන අය. අපිට ඕනි වෙන්නේ වැඩිපුරම seed කරන file එකක්, ඉක්මනට බාගන්න වගේම වැඩි seeders ලා ඉන්නවා කියන්නේ ඒ film එකේ quality එකත් හොද නිසයි. ඒ නිසා රවුම් කරලා තියන SE කියන තැන click කරන්න. එතකොට මේ වගේ ඔයාලට ලිස්ට් එක order වෙයි වැඩිපුරම seed කරන file එක උඩට එයි.  
robin hood කියන නම උඩින් click කරන්න. ඊළඟට එන page එකේ ‘download this torrent’ කියල රවුම් කරලා තියන තැන click කරන්න.
 
 download කරගන්න window එකක් open වේවි. open උනේ නැත්නම් taskbar එකේ notification area එකේ බලන්න මේ වගේ icon එකක් ඇති ඒක click කරලා bittorrent එක open කර ගන්න.
 
අනවශ්‍ය විස්තර තියන file ඕනි නම් select නොකර ඉන්න පුළුවන්. මේකෙදිත් මම movie file එක විතරයි select කලේ.  දැන් download එක පටන් ගන්නවා ඔයාලට පෙනේවි. download speed එක unlimited තියන නිසා වෙන වැඩක් කර ගන්න බැරි තරමට internet slow වෙනවනම් වින්ඩොව් එකේ යට download විස්තර තියන තැන right click කරලා download speed එක limit කර ගන්න.
 
torrent file බාගන්න වෙලාවෙදි ඕනි තරම් virus වැඩසටහන් ඒවත් එක්ක download වෙන්න පුළුවන්. ඒ නිසා බාගන්න කලින් ඒ යටතේ තියන comments හොදට කියවල ඉන්න ඕනි වගේම මේ ‘peerguardian’ කියන software එකත් install කර ගන්න වැඩි ආරක්ෂාවට.
හුගක් අය තමන් file එක බාගෙන ඉවර උන ගමන් seed නොකර අයින් වෙනවා. මම මොකටද අනිත් අය ගැන හිතන්නේ කියල හිතන මිනිස්සු තමයි එහෙම කරන්නෙ. ඒත් තමන්ට උනත් ඒ file එක ඉක්මනින් බාගන්න පුළුවන් උනේ තව කීප දෙනෙක් එහෙම නොහිත දිගටම seed කල නිසා නේද කියල හිතන්න පොඩ්ඩක්. ඒ නිසා අඩුම තරමේ 1:1 තරමට වත් seed කරන්න. ඒ කිව්වේ download කලේ 2 GB file එකක් නම් 2GB වත් වෙනකන් seed කරන්න.
 

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Torrent ගැන දැනගනිමු ini dipublish oleh nishawi pada hari Saturday, July 28, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan Torrent ගැන දැනගනිමු
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...