Dialog HSPA DNS අවුල් හදාගනිමු.


Dialog HSPA භාවිතා කරන ගොඩක් අයට තියෙනවානේ ගොඩක් සයිට් වලට යන්න බැරි ලෙඩක්. ගොඩක් වෙලාවට එන error එකේ DNS settings වල අව්ලක් නිසා එන ලෙඩක් වෙන්න පුළුවන් කියලත් කියනවා firefox. මේ ලෙඩේ මඟහරවගන්න openDNS පාවිච්චි කරන්න කාලිංග අයියා කියල තිබ්බා එයාගේ බ්ලොග් සටහනක. (මේ ගැන සවිස්තරවකේෂාන්ගේ බ්ලොග් සටහනේත් තියෙනවා දැක්කා.) අද මම HSPA එකෙන් net යනකොට බැලින්නම් google,gmail,blogger, facebook හැරුනාම වෙනත් කිසිම site එකකට යන්න බෑ. cry “oops this link apears to be broken” කියලා එනවා. මගේ bookmarks ක්ලික් කරාමත් ඒකම තමයි එන්නේ. හොයල බැලින්නම් මගේ DNS settings reset වෙලා. මේ reset වෙන වැඩේ කලිනුත් වුන දෙයක්.(සමහරවිට mobile partner එකෙන් ඒවා reset කරනවා ඇති.) වැඩ නොකරන කොටනේ අපි හොයලා බලන්නේ. මේකට පිළියමක් හොයන ගමන් mobile partner ටිකක් අත පත ගාලා බැලුවා. එතකොට ‍පොඩි අදහසක් ආවා.
mobile partner වෙත ගොස් Tools menu එක ක්ලික් කර Options තෝරන්න.


ලැබෙන සංවාද කොටුවේ profile management යන්න ක්ලික් කරන්න. ඉන්පසු එහි ඇති New බොත්තම ක්ලික් කරන්න.

profile name එක සඳහා කැමති නමක් ලබා දෙන්න.(dialogDNS යයි සිතමු)
APN සඳහා static යන්න තෝරා www.dialogsl.com ලෙස ලබා‍දෙන්න.
advanced බොත්තම ක්ලික් කරන්න

DNS settings සඳහා….

primary DNS සඳහා 208.67.222.222 ද
secondary DNS සඳහා 208.67.220.220 ද ලබා‍ දෙන්න.
OK බොත්තම ක්ලික් කරන්න.
ඉන්පසු තිබෙන සංවාද කොටුවේ Save බොත්තම ක්ලික් කර ඉන්පසු OK බොත්තම ක්ලික් කරන්න.
අන්තර්ජාල සම්බන්ධතාව ය විසන්ධි කර නැවත profile name යටතේ dialogDNS යන්න තෝරා connect බොත්තම ක්ලික් කරන්න

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Dialog HSPA DNS අවුල් හදාගනිමු. ini dipublish oleh nishawi pada hari Saturday, July 28, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan Dialog HSPA DNS අවුල් හදාගනිමු.
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...