Flash Game save කර ගෙන Play කරන්න...


office වලයි ගෙවල් වලයි නිකන් ඉන්න වෙලාවට game එකක් play කරන්න කැමති අයට flash game ගොඩක් එකතු කරගන්න විදියක් තමයි කියන්න යන්නේ. flash game online play කරන්න පුළුවන් site තියෙනවා නේද. ඒ ඔක්කොම වගේ  save කර ගන්න ක්‍රමයක් කියල දෙන්නම්. මේකටත් firefox ඕනි වෙනවා. firefox භාවිතා කරලා කරන්න පුළුවන් ක්‍රම 2 ක් ගැන කියන්නම්. ඊට කලින් games තියන site කිහිපයක් දාල ඉන්නම්.


addictinggames.com
තව google search කරලා හොයා ගන්න. Firefox වලින් ඔය site එකකට ගිහින් ඕනි කරන game එක තෝර ගෙන ඒක load වෙනකන් ඉන්න. (දැන්වීම් එහෙම ඉවර වෙලා play කියන තැනට එනකන් ඉන්න)  game window එකෙන් එලියෙ තියන පසුතලයක් උඩ right click කරන්න. View page info කියන එක click කරන්න.
ඒක click කලාම මේ වගේ page info window එකක් ඒවි. ඒකෙ Media කියන tab එකට යන්න.  හොයා ගන්න .swf (Shock Wave Format) කියන file එක. ඒක select කරලා save as කියල ඒ window එකේම button එකක් ඇති ඒක click කරන්න.
save කර ගන්න ඕනි කරන location එක දෙන්න. ඒ file එක මම නම් open කර ගන්නේ GOM player එකෙන්. GOM player එක නැති අය මෙතනින් බාගන්න.
ඔය කිව්ව විදිය ටිකක් වැඩ වැඩි වගේ නම් ලේසි විදියක් කියන්නම්.  මගේ කලින් ලිපියක කියල තිබුන  Youtube download කරගන්න ඕනි කරන VideoDownloadHelper Add-on  එක ගැන. ඒක කට්ටිය දාගෙනනේ ඇත්තේ. දාගෙන නැත්නම් ගිහින් ඒ ලිපියෙ ඇති. එතනින් බාගන්න.
ඒක දා ගත්තම එතන කිව්ව වගේ address bar එකට වම පැත්තෙන් icon එකක් පෙනේවි. ඕනි කරන game එක play කරන්න පුළුවන් තැනට ආවම ඒ icon එක කැරකෙනවා පෙනේවි. එතන click කරලා .SWF කියන file එක බාගන්න.
වෙන ක්‍රම තියනවනම් ලියල යන්න. .swf කියල file එකක් නැත්නම් .flv කියල ඇති. ඒක බාගන්න game එක play කරන්න.

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Flash Game save කර ගෙන Play කරන්න... ini dipublish oleh nishawi pada hari Saturday, July 28, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan Flash Game save කර ගෙන Play කරන්න...
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...