USB drive එක NTFS කරන්න


Windows xp වලදි USB drive එකක් NTFS වලින් format කරන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි අද sinhala site එකෙන් ලියන්නේ.  ඉස්සෙල්ලම කියන්නම් Win xp වලදි FAT System එකෙන් විතරක් format කරන්න පුළුවන් නිසා ඇයි මේ අමුතුවෙන් NTFS වලට මාරු වෙන්න හදන්නේ කියල. NTFS වලින් format කලාම USB drive එකේ file ආරක්ෂිත බවින් වැඩි කර ගන්න පුළුවන්. ඒ කියන්නේ file encrypt කරන්න පුළුවන් වෙන computer එකකින් open කරන්න බැරි වෙන්න.  (සමහරවිට ඒක අවාසියක් වෙන්නත් පුළුවන්.තමන්ගේ අවශ්‍යතාවය අනුව තීරණය කරන්න NTFS කරනවද නැද්ද කියල )
තවත් දෙයක් තමයි file compress කරන්නත් පුළුවන් නිසා ඉඩ සාමාන්‍ය තරමින් ඉතුරු කර ගන්නත් පුළුවන් වෙනවා.
දැන් බලමු කොහොමද NTFS කරන්නෙ කියල.
USB drive එක connect කරලා My computer උඩ right click කරලා ‘manage’ click කරන්න.
ඊලගට එන window එකේ Device Manager select කරන්න. දකුණු පැත්තේ list එකෙන් Disk Drive තෝර ගන්න. ඒක යටතේ USB drive එක හරියට අදුනගෙන එක උඩ right click ක‍රල properties click කරන්න.    
එන window එකේ policies tab එකට යන්න. Optimize for performance කියන එක select කරන්න ok කරන්න. දැන් පුළුවන් වෙනවා NTFS වලින් drive එක format කරන්න.  format කරන්නේ  සාමාන්‍ය drive එකක් format කරන විදියට තමයි. drive එක උඩ right click කරලා format click කරන්න. File system තෝරන තැන NTFS දෙන්න.   
දැන් කියල දෙන්නම් කොහොමද encrypted file එකක් හදන්නේ කියල. ඕනි කරන folder එකක් හදා ගන්න, ඒක උඩ right click කරලා properties ගිහින් Advanced කියන එක click කරන්න.
‘Encrypt contents to secure data’ කියන check box එක tick‌ කරන්න. Ok කරන්න. folder එකේ අකුරු කොළ පාටින් පෙනේවි. 
මේ folder එකේ files, open කරන්න පුළුවන් වෙන්නෙ encrypt කල computer එකෙන්ම විතරයි.  
Windows 7 වල නම් NTFS පහසුකම තියෙන නිසා මේ වගේ වෙනස්කම් කරන්න ඕනි වෙන්නේ නෑ.
කලින් මම අවාසි ගැනත් සදහන් කල නිසා ඒ ගැනත් කියල ඉන්නම්. විශේෂයෙන් NTFS system එකේදී USB එක slow වෙන්න ඉඩක් තියෙනවා FAT system එකට වඩා. ඒක එක අවාසියක්. නිතරම මතක ඇතුව safely remove කරන්න වෙනව.  System tray එකෙන් එහෙම නැත්නම් USB එක උඩ right click කරලා eject කරන්න වෙනව.
තව දෙයක් තමයි සමහර MP3/Image player වල NTFS system එක හඳුනා නොගන්නත් පුළුවන්.
තමන්ට අවශ්‍යතාවයක් තියෙනවනම් කලාට කමක් නෑ. ඒක USB drive එකට ඒ තරම් හොද දෙයක් නෙමෙයි.

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel USB drive එක NTFS කරන්න ini dipublish oleh nishawi pada hari Saturday, July 28, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan USB drive එක NTFS කරන්න
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...