PDF document එකකට password එකක් දාගන්න විදිය...


PDF document එකකට password එකක් දාගන්න විදිය තමයි අද ලියන්නේ. Adobe Acrobat වලින් ලේසියෙන් පුළුවන් උනත් ඒක නොමිලේ නොවෙන නිසා වියදමක් නැතුව PDF එකකට මුරපදයක් දාගන්න හැටි බලමු.
PDF වලට මුරපද දාන්න පුළුවන් online site තිබුනට මම නම් කැමති වෙන්නේ නෑ password දාල හංගන්න ඕනි කරන file එකක් තව site එකකට upload කරන්න. එහෙම ගැටළුවක් නැත්නම් මේ site එකට ගිහින් ඔයාලට පුළුවන් PDF එකකට මුරපදයක් දාගන්න.

එහෙම ගැටළුවක් තියෙනවනම් ඒ වගේම online පහසුකම නිතරම නැති අයට නොමිලේ අර ගන්න පුළුවන් software එකක් මෙතන click කරල බාගන්න. (7.11MB)
PDF reader එකකුත් නොමිලේම install කරගන්නත් පුළුවන් කැමති නම් විතරක්. PDF, Form අලුතින් හදන්නත් පුළුවන්. 
මේ මෘදුකාංගය මුරපද වලට විතරක් නෙමේ. තවත් විශේෂයක් වෙන්නෙ ඕනිම document එකක් pdf එකක් විදියට convert කර ගන්න, කරන්න ඕනි shortcut Icon එක උඩට ඇදගෙන ඇවිත් අතාරින්න විතරයි. (Drag & Drop )
Install කරගෙන ඉවර උනාම ඕනි කරන pdf එක open කරලා File > Print (Print විධානය ) දෙන්න. Printer option තෝරන menu එකේදී PrimoPDF තෝරන්න, ok කරන්න.
PrimoPDF window එක open  වේවි. PDF security කියන තැන තියන ‘change’ click කරන්න; ඕනි කරන password එක දෙන්න.
මුරපද දෙන්න ඕනි ආකාර දෙකක් තෝර ගන්න පුළුවන්. එකක් තමයි pdf එක open කරන්න සහ pdf එක තුල තියෙන දේවල් වෙනස් කරන්න, print කරන්න යනාදී වශයෙන්. තමන් කැමති විදියට තෝරලා ඕනි කරන මුරපදය දෙන්න. ඒ වගේම ඒ window එකේ යටම තියෙනව Always use these settings කියන එක tick වෙලා තියෙන්නේ. ඒ නිසා password එකක් අදාල වෙන්නෙ මේ document එකට විතරක් නම් ඒ tick එක අයින් කරන්න.

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel PDF document එකකට password එකක් දාගන්න විදිය... ini dipublish oleh nishawi pada hari Saturday, July 28, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan PDF document එකකට password එකක් දාගන්න විදිය...
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...