වේගවත්ව Shutdown කරන්න


දැනට machine එක shutdown වෙන්නෙ හරිම හෙමින් නම් ඒක වේගවත් කර ගන්න ක්‍රමයක් ලියන්න කියල ඉල්ලලා තිබුන.  සාමාන්‍ය තත්වයන් යටතේ (වෛරස් වැඩසටහන් හෝ වේගයෙන් අඩු පරිගණකයක් නොවන්නට) පරිගණකයක් slow වෙන්නෙ shutdown කරන අවස්ථාවේදී windows විසින් වැඩ කරමින් පවතින සියලුම වැඩසටහන් නියමිත පරිදි වසා දැමීමට ගන්නා කාලය වැඩි වෙන නිසයි.

1 පියවර
එහෙම නම් සරලව කරන්න පුළුවන් වැඩක් තමයි අනවශ්‍ය වැඩසටහන් පරිගණකය පණගන්වන වෙලාවේදී open නොවීමට ක්‍රමයක් යෙදීම. ඒ සඳහා Start > Run ගිහින් msconfig කියල type කරලා enter කරන්න. එන window එකේ startup කියන tab එකට යන්න.  
මෙතැනදී tick වෙලා තියන හැම program එකක්ම computer එක start වෙන වෙලාවෙදි වැඩ කරන ඒවා. ඒ නිසා තමන්ට අදුරගන්න පුළුවන් අනවශ්‍යයි කියල පේන වැඩසටහන් වල tick එක අයින් කරල දාන්න. ok කරන්න. Restart කරන්න ඉල්ලාවි. මේ වැඩසටහන් open වෙන්නෙ නැති නිසා ඒවා වසා දැමීමට කාලයක් අනවශ්‍යයි.  
2 පියවර
කලින් කිව්වා වගේ windows වල තියෙනව වැඩසටහනක් නියමිත පරිදි වසා දැමීමට බලා ගෙන ඉන්න වෙලාවක්. මේ වෙලාව අඩු කරන්න තමයි දැන් හදන්නේ. ඒකට registry එක edit කරන්න යන නිසා registry එකේ backup එකක් හදා ගෙන ඉන්න.
Start > Run ගිහින් regedit කියල type කරලා enter කරන්න. Registry editor window එකේ මේ විදියට යන්න.
HKEY_LOCAL_MACHINE\System\CurrentControlSet\Control
Control යටතේ දකුණු පැත්තේ තියන WaitToKillServiceTimeOut කියන එක උඩ right click කරල modify click කරන්න. Value Data එක විදියට 2000 ට අඩු ගානක් දෙන්න. මම නම් 1000 දීල තියෙන්නෙ.   මේකෙන් වෙන්නෙ windows විසින් ලබා දෙන කාලය ඇතුලත වැඩසටහනක් නැවතුනේ නැත්නම් windows විසින් එය බලෙන් වසා දැමීමක් සඳහා භාවිතා කරන්නාගෙන් අවසර ලබා ගැනීමක් කරනවා. අපි දැන් කලේ එහෙම ඒ ලබා දෙන කාලය අඩු කිරීමක්. 
3 පියවර
ඒ වගේම තමයි එහෙම අවසර ලබා දීමකින් පසු තවත් කාලයක් windows විසින් ලබා ගන්නවා වැඩසටහන බලෙන් නවත්වා දැමීමටත්. අපි දැන් ඒ කාලයත් අඩු කරන්නෙ කොහොමද බලමු. Registry editor එකේ මේ විදියට යන්න.
HKEY_CURRENT_USER\Control Panel\Desktop
දකුණු පැත්තේ හොයා ගන්න WaitToKillAppTimeOut කියන එක. එක උඩ double click කරන්න නැත්නම් right click කරලා modify click කරන්න. Value Data එක විදියට මම නම් 100 දීල තියෙන්නේ. දැනට තියන අගය අනුව ඊට වඩා අඩු අගයක් ලබා දෙන්න.  
ShutDown වෙලාවෙදි user ගෙන් අහනව program එකක් අදාල වෙලාව තුලදී වසා දැමීමට නොහැකි උනොත් බලෙන් වසා දැමීමට.
ඒ registry window එකේම තියෙනවා HungAppTimeOut කියල එකක්. ඒක උඩත් double click කරලා value data එක වෙනස් කරන්න 1000 ට හෝ ඊට අඩු ගානකට.
4 පියවර
ඊළඟට registry editor එකේ මේ විදියට යන්න.
HKEY_USERS\.DEFAULT\Control Panel\Desktop
WaitToKillAppTimeOut  සහ HungAppTimeOut  හොයා ගෙන කලින් දීපු ගණන් වලින්ම වෙනස් කරන්න.  
5 පියවර
මේ දේවල් කලත් ඊළඟට වෙන කරදර වැඩේ තමයි windows වලින් අවසර ලබා ගැනීම සඳහා එන පණිවිඩය. ඒක නැති කරන්න මේ විදියට ගිහින් AutoEndTask එකේ Value Data එක 1 කියල දෙන්න.    
HKEY_CURRENT_USER\Control Panel\Desktop
මේ විදියට වෙනස් කලාම windows විසින්ම වැඩසටහන් අදාල කාලය තුලදී භාවිතා කරන්නාගෙන් නොඅසා වසා දමනවා. 
………………………………………………………………………………………………………………………..
පරිගණකයේ ඇති වෛරස් වැඩසටහන් හෝ  වේගයෙන් අඩු පරිගණකයක් නම් හදිස්සියකට shutdown  කරන්න ලේසි  විදියකුත් කියන්නම්.
Ctrl+Alt+Delete  එක පාර ඔබල එන Task Manager එකේ Shutdown tab එක click කරලා ඒ යටතේ එන  menu එකෙන් Ctrl key එක ඔබා ගෙන Turn Off කියන එක click කරන්න. තත්පර 5 ක් ඇතුලත computer එක off වේවි.

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel වේගවත්ව Shutdown කරන්න ini dipublish oleh nishawi pada hari Saturday, July 28, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan වේගවත්ව Shutdown කරන්න
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...