Offline ඉඳගෙන web පිටු කියවන්න


Offline ඉඳගෙන web පිටු කියවන්න ඕනි කරන අයටයි ඒ වගේම එක්කෙනෙක් මගෙන් ඉල්ලලා තිබුන ඒ ගැන ලියන්න කියල. සමහරු කියන්න පුළුවන් ඕක ඔය තරම් අමාරු දෙයක්ද IE වල හරි firefox වල හරි File > save as ගිහින් save as type එකට web page, compelete කියල දුන්නනම් හරිනේ කියල. ඒක හැම වෙලාවේදීම හරි යන්නේ නෑ වගේම සම්පුර්ණ පිටුවම වගේම ඒ පිටුවේ තියන ලින්ක්, theme, පින්තුර save නොවෙන්න පුළුවන්. සමහරවිට error පණිවිඩයක් එන්නත් පුළුවන්.   ඒ නිසා අමතර නොමිලේ ගන්න පුළුවන් මෘදුකාංග කීපයක් ගැන ලියන්නම් කැමති අය පාවිච්චි කරන්න. 


1 ක්‍රමය
firefox වලදී offline පිටු බලන්න Scrapbook කියන add-on එක දා ගන්න පහල තියන ලින්ක් එකෙන්. එක install උනාට පස්සේ මේ වගේ firefox menu එකට අලුතින්  Scrapbook කියන එක එකතු වෙලා පෙනේවි. save කර ගන්න ඕනි පිටුව එතනින් save කර ගන්න පුළුවන්. save උන පිටුව එතනම පෙන්නාවි.
2 ක්‍රමය DownloadThemAll
තවත් වැදගත් firefox add-on එකක් තමයි downloadThemAll කියන එක. මේකෙදි වෙබ් පිටු save කර ගන්නවටත් වඩා බාගන්න ඕනි කරන දේවල් ඉක්මනින් බාගන්නත් පුළුවන්. ඒ වගේම ලින්ක් කරලා තියන හැම පිටුවක්ම වගේම හැම පින්තුරයක්ම අර ගන්නත් පුළුවන් ඉක්මනින්ම. ලින්ක් එකක් නැති තැනක right click කරලා downloadThemAll උඩ click කරන්න.
මේ වගේ window එකක් ඒවි. තමන්ට ඕනි කරන ලින්ක්, පින්තුර, file තෝර ගෙන save කරන්න ඕනි කරන location එකත් තෝරලා start ඔබන්න විතරයි ඕනි. ඕනි කරන file ටික USB එකක දාගෙන ගෙදර ගිහින් නිවාඩු වෙලාවක කියවන්න.  
3 ක්‍රමය
තවත් Firefox add-on එකක් තමයි UnMHT කියන එක.  ඒකත් කලින් වගේම page save කරනවා. එත් මේකේ තියන  විශේෂ දෙයක් වෙන්නේ firefox වල tab ගණනාවක් open කර ගෙන ඉන්නවනම් ඒවා ඔක්කොම එක පාර save කර ගන්න පහසුකමක් තිබීම.
ඔය කිව්ව ක්‍රම වලට firefox ඕනිනේ. firefox නෑ කියල දුක් වෙන්න එපා. ඒ අයට මම වෙන විදියක් කියන්නම්.  
4 ක්‍රමය
ජනප්‍රිය නොමිලේ දෙන මෘදුකාංගයක් තමයි HTTrack කියන එක. ඒක බාගන්න මෙතනින් official site එකට යන්න. (HTTrack)
මේක install කර ගන්න ඒක නම් ඒ තරම් අමාරු වෙන එකක් නෑ.  මේක වැඩ කරන විදිය ගැන සරලව කියන්නම්. official site එකෙන් මේ ගැන වැඩිපුර දැන ගන්න.
install කරගෙන ඉවර උනාම window එකක් open වේවි. ඒ වගේම browser window එකේ මේ වගේ icon එකකුත් දකින්න පුළුවන් install එකේදී ඒක අයින් නොකර install කලා නම්. ඕනි කරන site එකේදී මේ icon ඒක click කරන්න අලුත් project එකට ඕනි කරන නම දීල ok කරන්න.
ඊලගට අලුත් window එකක් open වේවි. ඒකෙදි මේ වගේ web site කියන එක තෝරන්න.  next කරන්න.
ඊලගට එන window එකේ finish කියල click කලාම download වෙන එක ආරම්භ වෙනවා පෙනේවි.
මේකෙදි වෙන දෙයක් තමයි හැම පින්තුරයක් වගේම හැම ලින්ක් එකක්ම ඒ ලින්ක් වලත් තියන ලින්ක් යනාදී වශයෙන් හැම දෙයක්ම download වෙනවා. ඒ නිසා මුල් පිටුවේ ඉන්න වෙලාවක හුගක් ලින්ක් තියන අඩවියක නම් ටිකක් වෙලා ගත වේවි. ඒ වගේම ඕනි නැති ලින්ක් තියෙනවනම් ඒවා skip කරන්නත් ඉඩ තියෙනවා. කොහොමත් මේක භාවිතා කරන්න ඉස්සරවෙලා නිල අඩවියේ තියෙනවා උපදෙස් මාලාවක් ඒක කියවල ඉන්න.
සමපුරණයෙන් ඉවර උනාම online ඉන්නවා වගේම offline වලදීත් තමන් කැමති අඩවියක සැරිසරන්න පුර්ණ පහසුකම නම් ලැබෙනවා

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Offline ඉඳගෙන web පිටු කියවන්න ini dipublish oleh nishawi pada hari Saturday, July 28, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan Offline ඉඳගෙන web පිටු කියවන්න
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...