ඔරං ඔටං


එක් දිනක් මිනිසෙක් තවත් මිනිසෙකුට බරපතල ලෙස පහර දී බරපතල තුවාල සිදු කිරීම මත උසාවියට ඉදිරිපත් කරන ලදී. නඩු කාරයා ඔහුගෙන් මෙසේ අසන ලදී.



"තමා මේ පැමිණිලි කාරයාට ගැහුවද ?"


"එහෙයි හාමුදුරුවනේ ගැහුව"


"තමා ඔහුට මේ තරම් බරපතල තුවාල සිද්ධ වෙන්නම ගැහුවද ?"


"එහෙයි හාමුදුරුවනේ, මට හොඳටම කේන්ති ගිහින් හිටියේ. ඉතිං මං ඌට හොඳටම ගැහුවා"


"ඇයි ඒ"


"ඔය මනුස්සය ඔය ගුටි කාපු දවසට අවුරුදු තුන හතරකට ඉස්සරලා ඔරං ඔටං කීව"


"ඉතිං මිනිහෝ අවුරුදු තුන හතරකට ඉස්සරලා ඔරං ඔටං කීවට ඇයි අවුරුදු තුන හතටකට පස්සෙ මේ දවසේ ගැහුවෙ ?"


"හාමුදුරුවනේ, ඔය දවසේ තමයි මම සත්ව උද්‍යානයට ගියපු වෙලාවෙ ඉස්සරලාම ඔරං ඔටං දැක්කෙ."


[උපුටා ගැනීම නඩු 1 ජනකතා කෘතියෙනි]

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel ඔරං ඔටං ini dipublish oleh nishawi pada hari Tuesday, July 10, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan ඔරං ඔටං
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...