Windows 7 Activation


වින්ඩෝස් 7 වල කාලේ ඉවර වෙලා වින්ඩෝස් 8 එන්නත් ලඟයි. ඒත් තාමත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් හරි විදියට වින්ඩෝස් 7 ඇක්ටිවේට් කරගන්නෙ කොහොමද කියලා. සමහරු එක එක ලෝඩර්, ඇක්ටිවේටර් වලින් ඇක්ටිවේට් කරගත්තත් ටික කාලයක් යද්දි ආයෙත් ස්ක්‍රීන් එක කලු උනා, මගේ හොර කොපිය අහු උනා කියලා කෑ ගහනවා. මේ විදියට ඇක්ටිවේට් කරගන්න කොට ආයෙත් මාට්ටු නොවෙන්නම එක පාරින්ම වැඩේ කරගන්න පුලුවන් උනා නම් හොඳයි නේද?

හරි. මම අද ඔයාලට දෙන්නම් මැක්සා ටූල් එකක්. මේකෙන් වින්ඩෝස් 7 ඇක්ටිවේට් කරගත්තොත් ආයෙත් කවදාවත් මයික්‍රොසොෆ්ට් කාරයට අහුවෙන්නෙ නෑ ඒක හොර කොපියක් කියලා. අප්ඩේට් කරන්නත් පුලුවන් ගින්දර වගේ. Microsoft Security Essentials කියන මයික්‍රෝසොෆ්ට් එකෙන්ම ෆ්‍රී දෙන වයිරස් ගාර්ඩ් එකත් දාගන්න පුලුවං. Microsoft Security Essentials කියන වයිරස් ගාර්ඩ් එක දාන්න දෙන්නෙ ජෙනුයින් වින්ඩෝස් සංස්කරණ තියෙන පරිගණක වලට විතරක් කියලත් මතක තියා ගන්න ඕන. ජෙනුයින් නැති ඒවට දාන්න දෙන්නෙ නෑ. ඉතින් මම අද ඔයාලට දෙන ටූල් එකෙන් එක ක්ලික් එකක් දාලා Windows 7  ජෙනුයින් කරගන්න පුලුවන්.


සල්ලි දීලා වයිරස් ගාර්ඩ් ගන්න බැරි අයට Microsoft Security Essentials කියන වයිරස් ගාර්ඩ් එක හොඳ විකල්පයක්. කිසිම අවුලක් නෑ. සුපිරි ආරක්ශාවක් ඔයාලට මේ වයිරස් ගාර්ඩ් එකෙන් ලැබෙනවා. මයික්‍රෝසොෆ්ට් කස්ටිය නම් කියන්නෙ වින්ඩෝස් වලට ගැලපෙන හොඳම ප්‍රතිවයිරස් මෘදුකාංගය Microsoft Security Essentials කියලා. අනේ ඉතින් මම නම් දන්නෙ නෑ ඇත්තද කියලා. එයාලානෙ කියන්නෙ. කොහොම උනත් Security Essentials මාත් පාවිච්චි කරනවා. යටින් ස්ක්‍රීන්ශොට් ටිකකුත් දාන්නම්කෝ.

ගොඩක් වෙලාවට මෙවැනි ටූල් එකක් කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරගන්න කොට බලන්න ඕන මේකේ වයිරස් හැංගිලා තියෙනවාද කියලා. මොකද මම දැකපු ගොඩක් ඒවා ඒ වගේ. ඒත් මම අද ඔයාලට දෙන්නෙ Kaspersky Internet Security 2012, Norton 360, හා Microsoft Security Essentials වලින් ස්කෑන් කරලා වයිරස් නෑ කියලා තහවුරු වෙච්ච එකක්. වෙන වෙන වයිරස් ගාර්ඩ් වලින් ඔයාලා ස්කෑන් කරාම වයිරස් කියලා අල්ලයිද කියන්න මම දන්නෙ නෑ. හැබැයි බය වෙන්න එපා. මම මෙච්චර කාලයක් යූස් කරේ මේක. අද වෙනකං සතපහක කරදරයක් වෙලා නෑ. එහෙනම් පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න කෝ.

Windows 7 Activator Free (Fully Genuine) 10000% Work



කරන්න තියෙන්නෙ මෙච්චරයි. අලුතෙන් වින්ඩෝස් 7 දැම්මට පස්සෙ ඔය ටූල් එක රන් කරලා Install බටන් එක උඩ ක්ලික් කරන එක විතරයි. පොඩි වෙලාවක් ගිහිල්ලා මැශින් එක රීස්ටාර්ට් කරන්න කියලා කියාවි. එතකොට මැශින් එක රීස්ටාර්ට් කරන්න. දැං ඔයාලත් ජෙනුයින්...;)


හරි... මම හිතනවා මේක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔයාලට වැදගත් උනා නම් මගේ බ්ලොග් එක ෆලෝව් කරලා මේකේ හොඳ නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු.

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Windows 7 Activation ini dipublish oleh nishawi pada hari Friday, September 14, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 3 komentar: di postingan Windows 7 Activation
 

3 ප්‍රතිචාර:

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...