පරිගණකය තුල සිංහල භාෂාව භාවිත කිරීම


 ඔක්කොටම කලින් මට හිතුන මේ බ්ලොග් එක සිංහලෙන් කරගෙන යන නිසා ඔයගොල්ලන්ට පරිගණකය තුල සිංහල භාෂාව භාවිත කරන හැටි කියල දෙන්න . 
මෙම ලිපිය හරහා මම කියල දෙන්න යන්නේ  ඉතා පහසුවෙන් සිංහලෙන් ටයිප් කිරීම සහ කියවීම යන ප්‍රධාන කරුණු දෙක ගැනයි. විශේෂයෙන්ම කියන්න ඕනේ
 මේ ක්‍රමය ඔයාලට facebook එකේදී සිංහලෙන් චැට් කරන්න බොහෝ සෙයින් උපකාර වෙයි.....


සමහර වෙලාවට ඔයාල දැකල ඇති වර්ඩ් ඩොකියුමන්ට් එකක් ඕපන් කලාම එකේ තියෙන ඒවා කියවන්න බෑ. විශේෂයෙන්ම ෆේස් බූක් එකේ එහෙම සමහර අය දාල තියෙන පොස්ට්ස්, කමෙන්ට්ස් කියවන්න බෑ. ඒවා පේන්නේ කොටු වගේ.. මේකට හේතුව ඔබගේ පරිගණකයේ සිංහල යුනිකේතය [Unicode] ස්ථාපනය කර නොමැතිවීමයි. 
Unicode කියන මාතෘකාව ගැන මම වෙනම ලිපියකින් ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා .
නමුත් මේ ලිපියේ ප්‍රධාන අරමුණ පරිගණකයෙදී සිංහල අකුරු ටයිප් කිරීම සහ කියවීමයි. 
එකට ක්‍රම කීපයක් තියෙනවා.
මුලින්ම බලමු සිංහල අකුරු පරිගණකයේ දර්ශනය වෙන්න අපි මොකද කරන්න ඕනේ කියල.
             දැනට  ඔබ සතුව ඇත්තේ Windows Vista, Windows Server 2008 හෝ Windows 7 මෙහෙයුම් පද්ධතියක් නම් සිංහල යුනිකේත වෙනමම පිහිටවීමක් අවශ්‍ය වෙන්නේ නෑ.
නමුත් Windows XP මෙහෙයුම් පද්ධතියක්නම් සිංහල යුනිකේත වෙනමම පිහිටවා ගත යුතුය. හරිම සරලයි මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල http://locallanguages.lk/sinhala_how_to_install_in_english.html  ලේසියෙන්ම සිංහල යුනිකේතය ඔබගේ පරිගණකයේ පිහිටුවා ගත හැකියි.


නමුත් තවම පුළුවන් සිංහල කියවන්න විතරයි..වැදගත්ම දේ තමයි සිංහලෙන් ටයිප් කරන එක. 

මේ සඳහා ඔයගොල්ලන්ට භාවිත කරන්න පුළුවන් සරල ටූල් කීපයක්ම තියෙනවා.


මං ලේසිම එකේ ඉඳල පටන්ගන්නම් ..



මේ පහලින් දක්වල තියෙන ක්‍රම මගින් (අවසාන ක්‍රමය හැරෙන්න ) ඔයාලට හැකියාවක් ලැබෙනවා සිංග්ලිෂ් කියල අපි ව්‍යවහාරයේ භාවිත කරන ක්‍රමයට සිංහලෙන් ටයිප් කරන්න. උදාහරණයක්‌ විධියට "මම සිංහලෙන් ටයිප් කරනවා " කියන එක, මෙන්න මේ විධියට "mama sinhalen tayip karanawa " කියල යතුරු පුවරුවෙන් ඇතුල් කරලා පුළුවන් සිංහල අකුරු බවට පත් කරගන්න. සරලව කියනවනම් අපි මොබයිල් ෆෝන් එකේ සිංහලෙන් ටයිප් කරනවා වගේ..








01)  සිංග්‍රීසි











සිංග්ලිෂ්  වලින්  ටයිප්  කරලා සිංහල යුනිකෝඩ් මගින් සිංහල අකුරු ලබාගන්න පුළුවන්  මෙම කුඩා මෘදුකාංගය සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ සාමාජිකයකු වන තමීර සේනානායක මහතාගේ නිර්මාණයක්. එය ලබාගැනීමට මෙම ලින්ක් එකට පිවිසෙන්න  http://singreesi.vndv.com














   02) UCSC සිංග්ලිෂ් එසැනින් පරිවර්තකය











කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය (UCSC) විසින් නිපදවන ලද මෙම යතුරු පුවරු වල ඇති විශේෂත්වය නම් ඒවා අන්තර්ජාලයේ වෙබ් අඩවියකම තිබීමයි (online). ඒ නිසා ඔබට ඕනෑම තැනකදී එය පාවිච්චි කරන්නට හැකියාව තිබෙනවා. සිංග්ලිෂ් ලිවීමේ සුලු වෙනස්කම් සහිත පද්ධති දෙකක් ඇති අතර ඔබට ගැලපෙන එක තෝරාගෙන එය භාවිත කල හැකියි.









03) ගූගල් සිංහල පරිවර්තකය 
මේක ඕනෑම තැනකදී අන්තර්ජාලය හරහා සිංහල ටයිප් කරන්න භාවිත කරන්න පුළුවන් තවත් ක්‍රමයක් 
මෙන්න ලින්ක් එක http://www.google.com/transliterate/Sinhalese

04) ගූගල් IME
මෙන්න මේ කියන්න යන වැඩසටහන නම් ගොඩක් වැදගත් වේවි ..මම මේ දැන් ටයිප් කරන්නෙත් ඒ ටූල් එක භාවිත කරලා . මේක ඔයාලගේ පරිගණකයේ ඉන්ස්ටෝල් කලාම ඕනෑම තැනක සිංහලෙන් ටයිප් කිරීමේ හැකියාව ලැබෙනවා. වර්ඩ් ඩොකියුමන්ට් එකක වගේම facebook චැට් එකේ පවා කෙලින්ම සිංහලෙන් ටයිප් කරන්න පුළුවන්කම ලැබෙනවා...නමුත් කලින් කියපු වැඩසටහන් වල ටයිප් වෙන සිංහල අකුරු ඔයාලට වෙනම කොපි කරලා අවශ්‍ය තැන පේස්ට් කරන්න වෙනවා..මේක එහෙම නෙවේ..අපි භාවිත කරන භාෂාව වෙනස් කරගන්න  කරන්න තියෙන්නේ Alt + Shift ඔබන්න විතරයි..
එතකොට මෙන්න මේ වගේ පුංචි ටූල් එකක් මතු වේවි



අවශ්‍ය තැන කෙලෙන්ම ටයිප් කරන්න පුළුවන්..මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල අවශ්‍ය භාෂාව (සිංහල) තෝරලා ඔයාගේ operating system එක 32bit ද 64bit ද කියල දීල ඩවුන්ලෝඩ් කරගන්න. (හැබැයි මේක ඉන්ස්ටෝල් වෙද්දී අන්තර්ජාල සම්බන්දතාව තියෙන්න ඕනේ.) ඒවගේම තමයි 64 bit මෙහෙයුම් පද්ධති සමග මේක හරියට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. මෙන්න ලින්ක් එක
පහත දක්වල තියෙන රුපය දිහා බැලුවම තවත් පැහැදිලි වේවි මේක කොච්චර ලේසිද කියල 








05) සම්මත සිංහල යතුරු පුවරුව.


සිංහල ටයිප් කරන්න භාවිත කරන්න පුළුවන් නියමම ක්‍රමය තමයි සම්මත විජේසේකර යතුරු පුවරුව. මේක අමුතුවෙන් ඉන්ස්ටෝල් කරන්න අවශ්‍ය නෑ ..සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරද්දීම ඉබේ ලැබෙනවා කරන්න තියෙන්නේ ටාස්ක් බාර් එකෙන් අවශ්‍ය භාෂාව තෝරන එක විතරයි. හැබැයි හුරුවෙනකන් මේක ටිකක් දුරට අපහසුයි කියල හිතෙන්න පුළුවන් ..එත් මේකට හුරුඋනොත් තවත් ගොඩක් හොඳයි. 

 ( SI ලෙස ඇත්තේ සිංහල භාෂාවයි )





ඉතින් මං හිතනවා ඔයාල මේකෙන් ගොඩක් ප්‍රයෝජන ගනී කියල.

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel පරිගණකය තුල සිංහල භාෂාව භාවිත කිරීම ini dipublish oleh nishawi pada hari Friday, September 14, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 2 komentar: di postingan පරිගණකය තුල සිංහල භාෂාව භාවිත කිරීම
 

2 ප්‍රතිචාර:

  1. අද තමයි මට මේ සයිට් එක සෙට් වුනේ. එල කිරි.

    ReplyDelete
  2. හොය හොය හිටිය භාණ්ඩයක්.තෑන්ක්ස් යාලූ.

    ReplyDelete

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...