අධිවේගයෙන් Download කරන්න...


අයුබොවන් යාළුවනේ, ඔයාලා හැමෝටම, අද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තුවෙන් ආවේ, අපේ IDM (Internet Download Manager) වේගවත් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන ඔයාලට කියලා දෙන්න, මේ සදහා අපි භාවිත කරන්නේ IDM Optimizer නමින් හදුන්වන කුඩා මෘදුකාංගයක්, මේකෙන් අපේ IDM එකෙහි තිබෙන Registry Entries කිහිපයක් Modifies කරනු ලබනවා, ඒකෙන් අප භාවිත කරන IDM එකෙහි වේගවත්බව වැඩි වෙනවා. ඒ නිසා අඩු කාලයක් තුලදී වැඩි Data ප්‍රසාණයක් පහසුවෙන් Download කරගන්න පුළුවන්, ඔයාලගෙන් ගොඩක් දෙනෙක් අහනවනේ මේ IDM එක තවත් Speed කරගන්න පුළුවන්ද? කියලා, හ්ම් Connection Speed එක සහ Max Number Of Connection වැඩි කරමින් මේ ක්‍රියාවලින් සිදු කරයි. අපි බලමු එහෙනම් මෙය සිදු කරගන්න විදිහත්, පොඩි දෙයක් තියෙන්නෙ.


මුලින්ම මෙම IDM Optimizer මෘදුකාංගය Download කරගන්න, RAR File එකක් තියෙන්නෙ, ඒක Extract කරගන්න.


ඉහතින් Download කරගත්ත මෘදුකාංගය. Open කරන්න, අවිට පහත ආකාරයේ වින්ඩෝ එකක් දකින්න පුළුවනි (මෙම ක්‍රියාවලිය සිදු කිරීමට ප්‍රථම, IDM එක Exit කර සිටින්න, System Try එහෙහි තිබෙන මේ IDM එක උඩ Right Click කර Exit කරන්න) 


මෙහි තිබෙන Maximize Now! බට්න් එක ක්ලික් කරන්න, එවිට පහත ආකාරයේ තවත් Windows එකක් ඔබට ලැබෙන ඇත.


හ්ම්, සාරථකයි. මෙහි තිබෙනවා තවත් බට්න් එකක් Restore Default, ඔබ මෙම Maximize Now! මගින්  IDM Optimizer  කලත් සැලකිය යුතු තරම් ස්පීඩ් එකෙහි වැඩි වීමක් සිදුවූයේ නැතිනම් මෙම බට්න් එක ක්ලික් කර නැවතත් කලින් Registry Entries තිබූ ආකාරයට පතකරගැනීමට පුළුවනි.

IDM Optimizer කරගත්තට පසුව, File එකක් Download කරලා බලන්න, හ්ම් ඇත්තටම ස්පීඩ් එකේ වැඩි වීමක් දකින්න ලැබේවී. ඒ Max Number Of Connection නිසාවෙන්. ඔබට වැදගත් ලිපි අපේ බ්ලොග් එකේ තිබෙනවානම්, අපට පොඩි සහයොගයක් විදිහට Like එකක්, Follow පාරක්, Comment එකක් දීලා යන්න, තවත් අලුත් ලිපියකින් හමුවෙමු. ලිපිය කියවූ ඔබ සැමට ස්තූතියි. සුබ දවසක්!

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel අධිවේගයෙන් Download කරන්න... ini dipublish oleh nishawi pada hari Friday, September 14, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan අධිවේගයෙන් Download කරන්න...
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...