Facebook TimeLine ඉවත්කර පැරණි පෙනුම ලබා ගනිමු



ආයුබොවන්, හැමෝටම. ඔන්න තවත් අලුත් දෙයක් අරන් ආවා. ගොඩක් දෙනෙක්ට කියෙන ප්‍රශ්ණයක් තමයි Facebook එකේ සිදුව තිබෙන අලුත් Update එක නිසාවෙන්, TimeLine නමින් හදුන්වන අලුත් Layout එක ලබා ගැනීම. ඒ වගේම එය ඉවත් කල නොහැකි වීම. ගොඩක් දෙනෙක් මේ ප්‍රශ්ණය අහනවා. එහෙත් සාර්ථක ක්‍රමයක් මම මෙයිට කලින් දැක්කෙ නැහැ. ඒත් මේ වන විට එයට විසදුම් සොයාගෙන තිබෙනවා. ඇත්තටම මේ අලුත් TimeLine එක Microsoft සදාගමේ Internet Explore 7 සහ, එයට කලින් Version සදහා සහය නොදක්වයි. ඒ නිසා ඒ වගේ පරණ Version එකක් භාවිත කරන අයෙකුට තාමත් දකින්න ලැබෙන්නෙ Clasic View එක. අපි විසින් භාවිත කරන Web Browser වලට විවිද Extension සහ, විවිද වෙනස්කම් සිදුකමින්. නැවතත් පරණ Clasic View එකම ලබා ගන්න පුළුවන්, අපි බලමු දැම් මේක කරන විදිහ.






Firefox සහදා TimeLine Disable කරමු.

මේ සදහා අපි අපේ Web Browser එකට User Agent Switcher Install කරගත යුතු වෙනවා. මෙතන ක්ලික් කරලා එය Download කරගෙන Browser එකට Install කරගන්න.දැන් ඔබේ Web Browser එක Restart කරන්න. Firefox Browser එකෙහි Navigate Bar එකෙහි තිබෙන Tools>> Default User Agent>> Internet Explorer Menu එකට යන්න, අහි Internet Explore 7 Option එක තොරන්න.

සැ. යු -: Browser එකෙහි Navigate Bar එක නොමැති නම්. එය ලබා ගත යුතියි. ඒ සදහා Browser එකෙහි තිබෙන Firefox Button එක ක්ලික් කරන්න, පසුව Option යන්න, එහි Menu bar තොරන්න. 

දැන් ඔබේ Facebook Account එකට Log වෙන්න, ඔයාට පරණ Clasic View එක ගන්න පුළුවන්, එහෙත් ඔබට මෙයි සුදු පාට හිස් ඉඩක් පේන්න තියෙනවා ඇති. එහෙනම් එයත් ඉවත් කරමු.

මේ සදහා අපි තවත් Add-on එකක් භාවිත කල යුතුව තිබෙනවා. මෙම ලින්ක් එකට යන්න, එහි තිබෙන Add-on එක ඔබේ Browser එකට යොදාගන්න. පසුව Browser එක Restart කරලා Facebook Log වෙලා බල්නන, ඔබට පරණ විදිහටම Facebook දකින්න පුළුවන්.

Google Chrome සදහා TimeLine Disable කරමු.

මේ ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සදහා, ඔබ දැනට භාවිත කරන Google Chrome Browser එකෙහි, Browser History සම්පූර්ණයෙන් මකා දැමිය යුතුයි. ඒ සදහා Browser එක Open කරගෙන, Ctrl + Shift + Delete බට්න් තුන එකවර ඔබන්න, පසුව පහල ආකාරයේ Window එකක් දක්නට ලැබෙයි.



මෙහි සියළුම Option සදහා හරි ලකුන හොදන්න. පසුව Clear Browsing Data බට්න් එක ක්ලික් කරන්න. දැන් Browser එක Close කර ගන්න.

ඔබේ Desktop එක මත තිබෙන Google Chrome Browser එහෙහි Shortcut එක උඩ Right Click කර, Properties යන්න. එවිට පහත අකාරයේ Window එකක් දක්නට ලැබෙයි.



මෙහිTarget එක විදිහට, )C:\Users\your-username\AppData\Local\Google\Chrome\Application\chrome.exe) දකින්න පුළුවන්, Facebook TimeLine එක කලින් විදිහටම ගන්න නම්, අපි කරන්න ඕනෙ මෙතන තනත් අලුත් Code එකක් ලබා දීමයි. එය ඔබේ OS එක අනුව පහතින් තෝරාගෙන යොදාගෙන Ok කරන්න.

Windows Vista and Windows 7

--user-agent="Mozilla/4.0 (compatible; MSIE 7.0; Windows NT 6.0)"


Windows XP users


--user-agent="Mozilla/4.0 (compatible; MSIE 7.0; Windows NT 5.1)"

කෝඩ් එක යොදාගැනීමෙන් අනතුරුව ඔබට එහ පහත විදිහට සම්පූර්ණ වශයෙන් දිස් විය යුතියි

C:\Users\your-username\AppData\Local\Google\Chrome\Application\chrome.exe --user-agent="Mozilla/4.0 (compatible; MSIE 7.0; Windows NT 6.0)"

සැ. යු -: මෙහිදී අපි භාවිත කරන Code එක, ඔබේ Shortcut එකෙහි Target යටතෙහි තිබෙන Path එක යටතට ලබා දීමේදී Path එක අවසානයේ තිබෙන Chrome.exe යන්නට පසුව Space එකක් තියන්න. පසුව ඉහලින් ලබා දී තිබෙන Code එක යොදාගන්න.
මෙයි සිදු කරගැනීමෙන් අනතුරුව. Google Chrome බාවිතයෙන් Facebook Log වෙලා බලන්න, එහිදී ඔබට TimeLine එක නැතිව පරණි ආකාරයට දකින්න පුළුවන්, එහෙත් Profile එකෙහි හිස් ඉඩක් දකින්න පුළුවන්, එයට සිසදුම් විදිහට, Firefox සදහා භාවිත කල Add-on එහෙති Google Chrome සදහා වූ Version එක භාවිත කල හැකිය. එය පහල පිංතූරය උඩ ක්ලික් කර Download කරගෙන Install



Safari සදහා TimeLine Disable කරමු.

අපි හැමෝම එකම Web Browser එක භාවිත කරන්නෙ නැහැනෙ, එක එක අය එක එක Browser පාවිච්චි කරනවා. ඒ එයාලගෙ කැමැත්ත අනුව, ඒ නිසා අපි අතරෙ මම වගේ තවත් Safari browser එක පාච්ච්චි කරන අය ඇතිනෙ. එහෙනම් එයාලටත් මේක කරගන්න විදිහ බලමු.

01) මුලින්ම Browser එක Open කරගන්න. (ඔබ සතුන අලුත්ම Version එකක් තිබිය යුතුයි)
01) Alt බට්න් එක ඔබන්න, එහි තිබෙන Develop Menu එකට යන්න.
03) මෙහි තිබෙන User Agent වල තිබෙන Internet Explorer 7.0 යන්න තොරන්න. 04) මෙය භාවිත කලත් ඔබට අනෙකුත් Browser වල විදිහටම සුදු පාට හිස් ඉඩක් ලැබෙනු ඇත. එය ඉවත් කීරීමට පහත Add-on එක Install කරගන්න.
බොහෝ දෙනෙක් භාවිත කරන්න Web Browser සදහා TimeLine එක නැතිව පැරණි පෙනුම ලබාගන්නා ආකාරය පැහැදිලිව විස්ථර කලා කියලා හිතවා, ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදිහට. එහෙනම් ඔය පහල බලන්නකො. ඔය තියෙන්න Time Line එක නැතිව මගේ Profile එකේ කලින් පොනුම. හ්ම් ඔයාලත් මේ ලිපිය වැදගත් නම් අපිට පොඩි සහයෝගයක් ලබා දී යන්න. ස්තූතියි සුබ දවසක්....
සැලකිය යුතුයි - මෙය Browser එකක් අදාරයෙන් සිදු කරනු ලබන ක්‍රියාවලියකි. ඒ නිසාවෙන්. මෙය ඇත්තටම Deactivate වීමක් සිදු නොවේ. මෙයින් කරන්නේ අපි Browser එකට යොදාගන්න Extension අදාරයෙන් පැරණි විදිහට සකස් කර ගැනීම පමණි. මේ නිසාවෙන් ඔබගේ Account එක බලය අයෙකුට TimeLine එක දැග ගැත හැකිය.

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Facebook TimeLine ඉවත්කර පැරණි පෙනුම ලබා ගනිමු ini dipublish oleh nishawi pada hari Friday, September 14, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan Facebook TimeLine ඉවත්කර පැරණි පෙනුම ලබා ගනිමු
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...