Sniper Ghost Warrior

ගොඩක් අය අපෙන් අහලා තිබ්බා ඇයි මේ පරණ games දෙන්නේ කියලා.ඔන්න අදත් අළුත්ම අළුත් උණු උණු shooting game එකක් අරන් තමයි මේ ආවේ.මේක නම් තවමත් ලෝකයේ first person shooting games ගහන අය අතර ඉතාමත් නැවුම් තැනක තියෙන්නේ.ඒකට හේතුව තමයි මේක ඇවිත් වැඩි කාලයකුත් නැහැ,ඒ වගේම තමයි මේ වගේ හොඳ modern tactical shooting game එකක් ළඟදී නිකුත් වුනේ නැහැ.Sniper Ghost Warrior තමයි අද දෙන්න යන්නේ.මේක හරිම ලස්සන වගේම ත්‍රිමාණ සජීවිකරණය අතින් ඉතාමත් ඉහල shooting game එකක්.2010 අවුරුද්දේ ජුනි මස 29 තමයි මේක game එක නිකුත් වුනේ.තවම මාස 2කක් වත් ගිහින් නැහැනේ.ඔන්න ඒ නිසා උණු උණුවෙම අද ඔයාලට දෙනවා Sniper Ghost Warrior.

අපිට මේ game එකේදී ක්‍රීඩා කරන්න ලැබෙන්නේ ඉලක්ක වෙඩික්කරුවෙකු විදියට.ඒ කියන්නේ සිංහලෙන් කියනවා නම් sniper කෙනෙක් විදියට.මේ game එකේ missions 16ක් තියනවා.මේකේ තියෙන්නේ දකුණු ඇමෙරිකානු මන:කල්පිත නගරය වන Isla Truena.අන්න ඒ නගරයට යවනවා ඇමෙරිකානු භට පිරිසක් එහි සිටින ගෝත්‍රික සටන් කාමීන්ට විරුද්ධව.අන්න ඒ භට පිරිසේ ඉලක්ක වෙඩික්කරුවා විදියට තමයි ඔබ මේ ක්‍රීඩාව පටන්ගන්නේ.ඔබ ඉලක්ක වෙඩික්කරුවෙක් නිසා සුළගේ වේගය සහ හෘද ස්පන්ධය යන දේවල් වලට අවධානය යොමු කරන්න වෙනවා.ඔන්න ඕවා ගැනත් මේක ක්‍රීඩා කරන කොට සැලකිලිමත් වෙන්නකෝ.මම නම් මේ ක්‍රීඩාවේ ආසම,අපි වෙඩි තිබ්බට පස්සේ ඒ වෙඩි තියපු උණඩය යන හැටි slow motion පෙන්වන විදියටයි.ඔයාලත් මේක බාගෙන ක්‍රීඩා කරලා බලන්නකෝ.මේකේ setup file එක නම් 4GB විතර වෙනවා.


CPU: 3.2 GHz / AMD Athlon 64 3500+
RAM: 1GB for XP / 2GB for Vista and 7
VGA: Nvidia 6800 or ATI X1650, 256 MB RAM, Shader Model 3.0
DX: DirectX® 9.0c
OS: Windows® XP (SP3) / Vista™ (SP1) / 7
HDD: 6GB
Sound: Compatible with DirectX® 9.0c

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Sniper Ghost Warrior ini dipublish oleh nishawi pada hari Friday, September 14, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan Sniper Ghost Warrior
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...