Torrent - IDM වලින් බාමු (Direct Links)...


 
ඔයාලත් Torrent වලින් Download කරලා ඇති නේද ඕනි තරම්. සමහර දවස් වලට එපා වෙලා ඇති බලන් ඉඳලත් Download වෙනකන්. ඒ මදිවට තව Upload වෙනවත් එක්ක. අපිට ලංකාවේ තියෙන Data Packages එක්ක Upload කරන්න තියා Download කරගන්නත් මදි සමහර වෙලාවට. මම එක පාරක් Torrent වලින් 
Download කරලා අනතිමේට බලද්දි Torrent මුලු Download ගාන 6GB සහ Upload ගාන 9GB. එපා වෙනවනේ ඉතින්.
    Torrent ෆයිල් IDM වලින් බානකොට වෙන්නේ මේකයි. අපි ඒ සඳහා සහය ගන්න Site වල Cloud Server වලින් ඒ Torrent එක ඉක්මණින් බාගෙන අපිට එයාලගේ ඒ සර්වර් එකෙන් ඒ ෆයිල් එකට Direct Link එකක් දෙනවා. ඉතින් එතකොට අපිට IDM වගේ ඕනිම Download Manager එකක් හරහා ඒක Download කරගන්න පුලුවන්. එතකොට Upload කර කර ඉන්න ඕනිත් නෑ.   

    හරි එහෙනම් මේකයි කරන විදිහ. මේක අර ඉස්සර තිබුනු Torrific වගේ සයිට් එකක්. මේක තමයි මම දන්න තරමින් සහ මම පාවිච්චි කරල තියෙන විදිහට දැනට ඒ වගේ තියෙනහොඳම සයිට් එකක්. මේ සයිට් එක තමයි ZbigZ සයිට් එක.

Main Site

හරි කරන්නේ මෙහෙමයි. මුලින්ම මෙතනින් ZbigZ එකට ගිහින් Log in ගිහින් Free Account එකක් හදාගන්න. ඒක හදාගන්න එක හොඳයි. හදා නොගෙන කරන්නත් පුලුවන්. අපිට මේකේ Premium Account එකක් උනත් හදන්න පුලුවන් සල්ලි දීලා. Free Account එකේ පහසුකම් අඩු උනාට ඇත්තටම ඒකත් හොඳයි.

Sign Up \  Log In
දැන් ඔයාලට ඕනි Torrent ෆයිල් එක තියෙන සයිට් එකට ගිහින් ඒකේ Magnet Link එක Copy කරගන්න. එහෙමත් නැතනම් .torrent ෆයිල් එක Download කරගන්න.

Torrent Magnet Link Copy
 ඊට පස්සේ ඔයාගේ ZbigZ Account එකට Log වෙලා උඩ තියෙන "Paste your torrent or magnet link here" කියන තැනට ඔයා Copy කරගත්තු Link එක Paste කරලා හරි Download කරගත්තු .torrent ෆයිල් එක එතනට Upload කරලා හරි එතන තියෙන "Go" කියන එක Click කරලා ඊට පස්සේ එන මෙනු එකෙන් "Free" Click කරන්න. 


Paste Here & Click Go
Click Free
එතකොට එයාලා ඒ Torrent එකේ දේවල් එයාලගේ සර්වර් වලට Download කරගන්න හැටි එතන පෙන්නවා එකක් පිරෙන ගමන්...


Their Downloading
ඒක 100% ක් උනාම ඉස්සරහින් Download Button එකක් පෙන්නයි. ඒ Download .zip Click කලාම ඒ ෆයිල් ඔක්කොම zip File එකක් වෙලා IDM එකෙන් Download වෙන්න පටන් ගනී. අපිට ඕනිනම් වෙන වෙනම කොටස් වශයෙනුත් Download කරන්න පුලුවන්..


Click Download .zip Button
IDM

Downloading

පසු සටහන - අපිට මේ Free Account එකේ 8GB දක්වා උපරිමයක් ලබා දෙනවා. Free Account එකේ තියෙන ඒ වගේ Limits අපිට Account එක හදද්දි එහෙම පෙන්නයි. Free උපරිම Speed 150KBps කියලා පෙන්නුවට 250KBps විතර යනවා සමහර වෙලාවට. 150KBps උනත් අවුලක් නෑ Torrent එක්ක බලද්දි. Free Account එකේ වැඩිය Pause & Resume කරන්න යන්න එපා. එතකොට අවුල් වෙනවා.






Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Torrent - IDM වලින් බාමු (Direct Links)... ini dipublish oleh nishawi pada hari Monday, September 2, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan Torrent - IDM වලින් බාමු (Direct Links)...
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...