OS එකක් ඇතුලේ තවත් OS ගොඩක වැඩ කරමු...


    ඔන්න මම අදත් මම දන්න තවත් දෙයක් ගැන ඔයාලට කියලා දෙන්නයි යන්නේ. ඔයාලත් පරිගනක පාඨමාලා එහෙම හදාරලා ඇති ලංකාවේ. කොච්චර අලුත් OS ආවත් කොච්චර අලුත් Software ආවත් උගන්නන්නෙම පරන ඒවාමයි. උදාහරණයක් විදිහට... අපි හොඳටම අඳුරන Windows OS එක සහ Microsoft Office පැකේජ් එක ගත්තැකි. දැන් Windows 8 Original එකයි Microsoft Office 2013 Original එකයි එන්නත් ඉතා ලංව තියෙද්දිත් අපිට තවම බොහෝ විට උගන්නන්නේ 2001 නිකුත් කරපු Windows XP සහ 2003 නිකුත් කරපු Microsoft Office 2003 ම තමයි. අවුරුදු 10 ක් විතර පරණ ඒවා. නමුත් මම කියන්නේ ඒක සම්පූර්ණ වැරදී කියලා නෙවෙයි. මොකද අපි හැමෝටම අලුත් හැමදේටම හරියන පරිගනක මිලදී ගන්නත් බැහැනේ...

    කොහොමහරි ඉතින් කවුරුහරි හොඳම පරිගනකයක් අරන් Windows 7 සහ Office 2010 වගේ දාගෙන ආපහු XP හරි Office 2003 හරි දාන්න කැමති නෑනේ. එයාලා කැමති අලුත් එකේ ඉන්න ගමන් ඉගෙනගන්න පරණ එකෙත් වැඩ කරන්න. තව අය කැමතියි Ubuntu, Linux වගේ තව එක එක OS දාලා බලන්න එහෙමත්. තව අය කැමති තමන්ගේ තියෙන අසරණ පරිගනකයට කෙලවෙන්නේ නැති විදිහට එක එක පරීක්ෂණ වැඩ කරන්නත් . ඉතින් එකී නොකී මෙකී ඕනිම කෙනෙක්ට මේ ලිපියෙන් උදව්වක් ලැබෙයි. දිගටම කියවන්නකෝ ඉතින්...


    මේක ඇවිත් මෘදුකාංගයක්. නම Oracle VirtualBox (ඔරකල් වර්චුවල් බොක්ස්). මේ මෘදුකාංගය භාවිතා කරලා අපිට අපේ දැනට වැඩ කරන OS එක ඇතුලෙම කැමති තරමක් වෛවර්ණ OS Install කරගන්න පුලුවන් අපි වැඩ කරන OS එකේ කිසිම ගොනුවකට හෝ හාඩ් එකේ පාටිෂන් වෙන් නොකර හෝ ඒවාට හානියක් නොවී. අපි Windows 7 වල වැඩ කරන ගමන් මේ මෘදුකාංගය ඇතුලේ XP දාගෙන ඒ XP එකේ Office 2003 දාගෙන වැඩ කරන්නත් පුලුවන්...



    කියවන එක එපා වෙනවනේ ඒ හංදා මම Screenshots ගත්තා VirtualBox එකේ Windows 7 ඉන්ස්ටෝල් කරන හැටි. අනිත් ඒවත් දාගන්න හරි ලේසියි. ඔයාලත් උත්සාහ කරලා බලන්න. ප්‍රශ්නයක් ආවොත් Comment එකකින් අහන්න.

    හරි එහෙනම් මුලින්ම මෙතනින් ගිහින් VirtualBox මෘදුකාංගය Download කරගෙන Install කරගන්න. ඊට පසුව මේ VirtualBox හි මූලික මුහුණත විවෘත කරගන්න.

VirtualBox Main Window

    ඊට පස්සේ ඒකේ තියෙන අර නිල් පාට New කියන එක Click කරන්න. එතකොට මේ පහත විදිහේ තව පොඩි කවුලුවක් විවෘත වෙයි.

OS Name

    මේකෙන් තමයි අපි Install කරන OS එකට නමක් එහෙම දීලා ඒකේ වර්ගය එහෙම තෝරන්න ඕනි. මම දැන් Install කරන්නේ Windows 7 හන්දා මම මේ රූපයේ විදිහට තමයි වෙනස්කම් කලේ. ඔයාලට මෙතන පහලට එන List වලින් බලාගත්තැකි මම කියපු නොකියපු කොච්චර OS ගාණකට මේ මෘදුකාංගය සහය දක්වනවද කියලා. මේකේ හැමදේම හදලා Next කලාම පහත කවුලුව එයි.

RAM Capacity



    මේකෙන් අපිට පුලුවන් අපි Install කරන OS එකට RAM ප්‍රමාණය ලබා දෙන්න. ඔයාලගේ පරිගනකයේ දැනට තිබෙන RAM ධාරිතාවයෙ තමයි මෙයත් භාවිතා කරන්නේ  Share කරගනිමින්. ඒ හන්දා මෘදුකාංගය විසින්ම සකස් කර දී තිබෙන ධාරිතාවම තියන්න. ඒක හොඳයි. නමුත් ඔයාලගේ විශාල RAM ධාරිතාවක් තියෙයිනම් වැඩිපුර දුන්නට කමක් නෑ කොල පාට ඉඩෙන්. මේකෙන් Next...


Hard Drive



    මේකෙන් අපිට පුලුවන් අපි කලින් මේ වගේ Install කරපු OS එකක් දෙන්න හෝ අලුත් එක Install කරනන්   න අලුත් එකක් හදන්න කියන්න. ඉතින් ඒකෙන් අපි "Create a virtual hard drive now" තෝරලා Create ක්ලික් කරමු...


Hard Drive File Type



    මේකෙන් අපි හදන File Type එකේ වර්ගය අහන්නේ. අපි මේ තියෙන VDI කියන පළමු එකට කැමැත්ත දෙමු. මේකෙන් හැදෙන්නේ අර CD Image එහෙම හදපුවම වගේ අපි හදන OS එකේ Hard එක විදිහට VDI කියන Image එකක්. හරි දැන් Next...


Storage Type



    මේකෙන් "Dynamically allocated" තෝරන්න. එතකොට අපේ Hard එකෙන් ඉඩ ගන්නේ අපි අපේ අලුත් OS එකට පුරවන ගානට ඉඩ විතරයි. අපි මේකේ Hard එක විදිහට අපේ පරිගනකයේ Hard එකෙන් 25GB වෙන් කරත් OS එක Install වෙද්දි ගියේ 6GB නම් ඒ ගාන විතරයි අපේ Hard එකේ පිරෙනනෙත්. 25GB දුන්නා කියලා 25 ක්ම පිරෙන්නේ නෑ පළමු විදිහ තේරුවාම. හරි දැන් Next...


File Location



    මේකෙන් අපිට අර මම කියපු VDI Image එක හැදෙන්න ඕනි තැන, ඒ කියන්නේ අපේ අලුත් OS එකේ Hard එක තියෙන තැන සහ ඒකේ ධාරිතාවය දෙන්න පුලුවන්. මම මේ F පාටිෂන් එක දුන්නේ OS එක Install කරගන්න 6GB විතර ඉඩක් තිබුනේ ඒකේ හන්දා. ඔයාලත් කැමති තැනක් දෙන්න. හරි දැන් Create කරන්න...


Main Window With Made OS



    දැන් ඔන්න Hardware වැඩ ඉවර උනාම තමයි ආපහු මෙතනට එන්නේ. දැන් RAM, Hard වගේ දෙවල් වගේම අපේ අලුත් OS එකට ඕනි අලුත් පරිගනකය හදලා ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ Software දාන්න තමයි. දැන් එහෙනම් අපි හදපු Windows 7 තෝරලා උඩ අර කොල පාට Start ඊතලය Click කරන්න. ඔන්න ඒ ගමන් Windows 7 DVD එකක් හෝ ඔයාලා Install කරන්න හදන OS එකේ CD or DVD එකක් ROM එකට දාලා තියන්න. මොකද Install කරන්න OS එකක් තියෙන්නත් එපායැ...


ROM



    හරි අතන Start Click කලාම එන්නේ මේක. මෙතන List එකෙන් ඔයාලගේ Installation DVD එක තියෙන ROM එක තෝරලා Start කරන්න...


Installation

   ඔන්න Boot වෙලා ඇවිත් තියෙනවා පේනවා නේද Windows Setup එක. දැන් ඉතින් මේ විදිහට ඕනි OS එක Install කරගන්න...

Hard Select



   මෙතන පෙන්නනවා අපි අපේ අලුත් OS එකේ Hard එකට දුන්නු ඉඩ. නමුත් බය වෙන්න එපා, අපි මේකේ පාටිෂන් හැදුවත් මොන පිස්සුව නැටුවත් අපේ ඇත්ත පරිගනකයේ Hard එක පාටිෂන් වෙන්නෙවත් 25GB ම ඉඩ යන්නෙත් නෑ...

My New Windows 7 Inside VirtualBox



    හම්... මේ තියෙන්නේ මම Install කරගත්තු මගේ අලුත් පරීක්ශනාගාරය... ඉතින් ඔයාලත් මේ විදිහට කැමති OS එකක් හරි ගොඩක් හරි දාගෙන කැමති Software එකකුත් Install කරන් වැඩ කරන්න... මේ VirtualBox එකේ තව ගොඩක් වැඩ තියෙනවා. තනියම ඉගෙන ගන්නත් උත්සාහයක් ගන්න. මේක Shut Down කරලා ROM එකෙන් DVD එකත් අරන් ආපහු අර VirtualBox Main Window එකෙන් ඕනිම වෙලාවක අලුත් පරිගනකය තෝරලා Start කලාම ලස්සනට බබා වගේ On වෙයි...

    හරි එහෙනම් ඔන්න මම මේක නොදන්න අයට අලුත් දෙයක් කියලා දුන්නා. මට වඩා මේ ගැන දන්න අය ඉන්නවනම් මටත් කියලා දෙන්න. ඒ ගැන අනිත් අයටත් කියලා දෙන්න. මේකේ තව USB Pen එකක් ගන්න හැටි වගේම අපේ ඇත්ත පරිගනකයේ Folders වලට එහෙම මේක හරහා යන හැටි තවත් ලිපියකින් ලියන්නම්. මොකද දැනටම මේ ලිපියත් ගොඩක් වෙලා ලිව්වා සහ ගොඩක් දිගයි.

    මම FIT Course එක කරා BIT කරන්න. එතකොට මගේ Windows 7 සහ Office 2010 තියෙන PC එකේ මේ විදිහට Windows XP සහ Office 2003 දාග්‍නෙ තමයි Practicals කලේ...

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel OS එකක් ඇතුලේ තවත් OS ගොඩක වැඩ කරමු... ini dipublish oleh nishawi pada hari Monday, September 2, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan OS එකක් ඇතුලේ තවත් OS ගොඩක වැඩ කරමු...
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...