පෙන් ඩ්‍රයිව් එක Ram එකක් ලෙස භාවිතා කරමින් පරිගණකය වේගවත් කරගමු.

   කොහොමද යාළුවනේ..අද මම ඔයාලව දැනුවත් කරන්නේ ඔයාගේ පෙන් ඩ්‍රයිව් එක Ram එකක් ලෙස භාවිතාකරමින් පරිගණකය වේගවත් කරගන්නේ කොහොමද කියලායි.. මේ සදහා විවිධාකාරයේ මෘදුකාංග තිබුනත් මම මෙහිදී කිසිදු මෘදුකාංගයක් භාවිතාකරන්න යන්නේ නැහැ... මෙම ක්‍රමයෙන් ඔබට ඔබගේ පරිගණකයේ වේගය වැඩිකරගත හැකිවෙනවා වැඩිපුර ඉඩක් පෙන් ඩ්‍රයිව් එකෙන් ලබාගැනීමට හැකිවන නිසා.. හොදයි එහෙනම් අපි බලමු එය සිදුකරගන්නේ කරන්නේ කියලා...





පියවර :-
  • පෙන් ඩ්‍රයිව් එක ප්ලග් කරගන්න.
  • මයිකොම්ප්‍යුටර් වෙත ගොස් පෙන් ඩ්‍රයිව් සළකුණ Right ක්ලික් කර Properties වෙත යන්න.
  • Ready Boost යන Tab එක ක්ලික් කරන්න. එවිට පහත සදහන් පරිදි වින්ඩෝවක් ලැබේ.


    • Use This Device ක්ලික් කර ඇප්ලයි කරගන්න. දැන් ඔබ සාර්ථකව මෙම කාර්යය සිදුකර අවසන්. දැන් සිට එය ක්‍රියාකරන්නේ RAM එකක් ලෙසටයි.
    Windows XP සදහා පහත ක්‍රමය අනුගමනය කරන්න.

    1. පෙන් ඩ්‍රයිව් එක ප්ලග්කරන්න. ඔබගේ පෙන් ඩ්‍රයිව් එන 1GB එකක්වත් විය යුතුය. වඩාත් සුදුසු4GB ප්‍රමාණයේ එකක්ය.

    2. My Computer  වෙත ගොස් පෙන් ඩ්‍රයිව් එක Right ක්ලික් කර Properties>Advanced -> Performance Settings වෙත යන්න.

    3. දැන් Advanced -> Change වෙත යන්න.

    4. පෙන් ඩ්‍රයිව් එක තෝරා Custom Size වල Initial size එකට හා Maximum size එකට කැමති අගයන් ලබා දී OK  කරගන්න.

    Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

    Artikel පෙන් ඩ්‍රයිව් එක Ram එකක් ලෙස භාවිතා කරමින් පරිගණකය වේගවත් කරගමු. ini dipublish oleh nishawi pada hari Monday, September 2, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 1ප්‍රතිචාර: di postingan පෙන් ඩ්‍රයිව් එක Ram එකක් ලෙස භාවිතා කරමින් පරිගණකය වේගවත් කරගමු.
     

    1 ප්‍රතිචාර:

    1. නියමයි හොයා හොයා හිටපු එකක්

      ReplyDelete

    ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...