Windows 7 USB DVD Tool එකෙන් කරදරයක් නැතුව Windows දාගමු...

අහ්.....,,,,  යාළුවනේ  කොහොමද ඉතින් ඕන් මටත් හිතුනා පොඩි පොස්ට් එකක් දන්න ඕනා කියල , මේ දවස් ටිකේනං අපේ හේෂාන් අයියා පට්ට පෝස්ට් ටිකක් බ්ලොග් එකට දාල තිබ්බනේ. ඉතින් ඒක නිසා මම වැඩිය බ්ලොග් එකට පෝස්ට් දැම්මෙ නෑ. ඕන් අද මම ගෙනාව Software එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මෙච්චර කල් ඔයාලා කොම්පියුටර් එක Format  කරහම Bootable Device එකකට පාවිච්චි කරන්න ඇත්තෙ CD එකක් නේ. දැන් එහෙම ඕනේ නෑ. ඔයාට පුලුවන් ඔයාලග තියෙන Pen Drive එක Bootable Device එකක් විදිහට පාවිච්චි කරන්න. මේකෙ තියෙන වාසියක් තමයි CD එකකින් OS (Operating System) එකක් Install කරන්න යන කාලයට වඩා ගොඩක් අඩුවෙන්  Pen Drive එකකින් එම කාර්යය කර ගැනීමට හැකි වීමයි. 

හරි ඉතින් වෙනද වගේම මේ වැඩේ කරන්නත් පොඩි Software කෑල්ලක් Download කරගන්න ඕනේ....


Windows 7 USB DVD Tool  (891 KB)


                                           unrar password :  majezticworld 

හ්ම්ම්..... දැන් ඉතින් වැඩේට බහිමු. ඉස්සෙල්ලාම ඔයා බාගත්තු rar. එක unrar. කරගන්න. (unrar. password එක ඉහත සදහන් කොට ඇත. ) බාගත්තු File එක unrar. කලාට පස්සේ එකේ තියෙන Setup එක Run කරලා Software එක Install  කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ Software එකක් දකින්න ලැබෙයි.




ඊලගට කරන්න තියෙන්නේ PC එකට Pen Drive එකක් ගහලා Softwre එකේ Browse කියන තැන Click කරන්න.






ඊට පස්සේ ඔයාලග තියෙන Windows 7 හරි Windows 8 හරි Setup එකක ISO File එකක් එතනට ‍තෝරලා දෙන්න. ISO File එකක් හදාගන්න  හැටි දැනගන්න ඕනේ අය Post එක කියවලා ඉවර වෙලා Comment එකක් දන්න. ISO File එක ‍තෝරලා දුන්නට පස්සේ  Next කියන තැන Click කරන්න.






හ්ම්.. දැන් කරන්න තියෙන්නේ අපි හදන්න යන Backup එකේ  Media Type එක ‍තෝරගන්න එක. ඔයගොල්ලන් කැමති Type එකක් මෙතනින් තොරගන්න පුලුවන්. අපි දැන් කරන්න හැදුවේ Pen එකෙන්  Windows දාන්න නේ. එක නිසා මම මෙතනිදි තොර ගන්නේ  USB device කියන type එක. DVD එකකින්  Windows දාන්න කැමති අය  DVD කියන type එක click කරන්න. 







දැන් කරන්න තියෙන්නේ  Pen එක Machine 
එකට ගහලා  Begin Copying කියන තැන Click කරන්න. Pen එකේ මදි පාඩුකම්  තිබුනොත් එහෙම  ඔතොන error message එකක් එවී. ඒ නිසා අපි තොරගන්න ISO file එකට වඩා Capacity එකක් තියෙන Pen එකක් තමයි මේ වැඩේට ඕන වෙන්නෙ. 









හරි ඊට පස්සෙ මෙහෙම Bar එකක් එයි.. ඊලගට ඒ  Bar එකේ 100%  complete උනහම අන්තිමට මෙහෙම වැටෙයි..... 




- See more at: http://www.majezticworld.blogspot.com/2013/07/windows-7-usb-dvd-tool.html#sthash.EWoIlkso.dpuf

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Windows 7 USB DVD Tool එකෙන් කරදරයක් නැතුව Windows දාගමු... ini dipublish oleh nishawi pada hari Tuesday, July 30, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan Windows 7 USB DVD Tool එකෙන් කරදරයක් නැතුව Windows දාගමු...
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...