ගන් එක...

මේක නම් මට වෙච්ච දෙයක් නෙමෙයි. මාත් අහපු කතාවක්. කියවන අයටත් නිකන් දැනගන්න වගේ දාන්නෙ. මේ කතාවට සම්බන්ධ වෙන්නෙ පත්තරේක දෙන්නෙක්. එක්කෙනෙක් ඡායාරෑප ශිල්පියෙක්. අනිත් එක්කෙනා රිපෝටර් කෙනෙක්. ඉතින් දවසක් මේගොල්ලන්ගෙ කතෘ තුමා මේ දෙන්නට කතා කරල කිව්වා දුරපලාතක මිනී මැරුමක් ගැන වාර්තාවක් හදන්න කියල.
මේ දෙන්නට යන්න වෑන් එකකුත් හම්බවුනා. ඉතින් මේ දෙන්නා ගිහින් එනකොට රෑ වුනා. මගදි පොලිසියෙන් වාහනේ නැවැත්තුවා.




"කොහෙද තමුන්ල දෙන්න යන්නෙ?"
රාලහාමි ඇහැව්වා.
"මිනීමැරුමක් සම්බන්ධ වැඩකට ගියා රාළහාමි"
රිපෝටර් ඇත්තම කිව්වා. පොළිසියට දැන් තරමක් අවුල්. කොයිකටත් කියල මේ දෙන්නගෙ ලට්ට ලොට්ට එක්ක වාහනෙන් බැස්සුවා. ඊට පස්සෙ රාළහාමි කෙනෙක් වාහනේ පරික්ෂා කරන්න පටන් ගත්තා. වෑන් එක ඉස්සරහ මොනවද පොදියක්.
"මේ වාහනේ ඉස්සරහ තියන පාර්සලේ මොකක්ද?"
රාලහාමි ඇහැව්වා. එතකොට තමයි ඡායාරූප ශිල්පියට මතක් වුනේ කැමරා එකේ ෆ්ලෑෂ් ගන් එක ඉස්සරහ තිබ්බ කියල. ඔය ෆ්ලෑෂ් ගන් එකට කෙටියෙන් ගන් එක කියලත් කියනවනෙ. ඉතින් ඡායාරූප ශිල්පියා ඒ ගමන්ම රිපෝටර්ට කිව්වා
"මචං ඔය ගන් එක ගනින්. මට ඒක ගන්න අමතක වුනා"
කියල. ඊට පස්සෙ ඇහුනෙ දුවන සද්දයක්. ඒ රාළහාමිල බය වෙච්ච පාර. 
උපුටා ගැනීම:- අචිර‍‍ගේ දිනසටහන්

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel ගන් එක... ini dipublish oleh nishawi pada hari Friday, June 15, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan ගන් එක...
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...