අපේ ගමේ තතු..(චන්ද්‍රිකා වැව)



ඇඹිලිපිටිය ප්‍රදේශය තුළ ඉතා අලංකාර පරිසර පද්ධතියක් සහිත වූ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය පෝෂණය කරන මූලික ජල මූලාශ්‍රය වන්නේ චන්ද්‍රිකා වැවයි. මෙම ප්‍රදේශය හරහා ගමන් කරන සංචාරකයන්ගේ දිය නෑමට සහ විඩාව සංසිදුවා ගැනීම සදහා නතර වන ස්ථානයක්
ලෙසත් මෙම වැව හැදින්විය හැකිය. කෘෂිකාර්මික වැවක් වන මෙය පෝෂණය වන්නේ හුලංදා ඔය මගින් ගලා එන ජලයෙන් හා උඩවලව ජලාශයෙන් ඇල මාර්ගයක් ඔස්සේ ගලා එන ජලයෙනි. අක්කර අඩි 22420 ක් පුරා පැතිර ඇති මෙම වැවෙන් පෝෂණය වන ප්‍රදේශය වර්ග කිලෝ මීටර් 165 කි. අක්කර අඩි 13400 ක සක්‍රීය ජල ධාරිතාවයකින් යුතු මෙම වැව හෙක්ටයාර 1802 ක් වගා කිරීම සදහා ජලය සපයනු ලබයි. 1963.12.26 දින මංගල දියවර මුදා හරින ලද මෙම වැව එදා මෙදා තුර ඇඹිලිපිටිය ජනතාවගේ කෘෂි ආර්ථිකය සමග ඇති බැදීම අති මහත් වූවකි.
සංචාරකයින්ගේ ගිමන් විඩාව නිවා ගැනීම සදහා නැවතුම්පලක් ලෙස මෙය ඉතා ජනප්‍රිය වේ.


සිසිල් ජලයේ බැස රිසි සේ ජල ස්නානය කල හැකි නාන තොටුපොලවල් ගනනාවක් මෙම වැව වටා පවතී. ඉතා අලංකාර පරිසරයකින් යුතු මෙම වැව මිරිදිය ධීවර කටයුතු සදහාද භාවිතා කරනු දක්නට ලැබේ.

මත්ස්‍ය වර්ග ගනනාවක් මෙම වැව ආශ්‍රිතව දැකගත හැකිය. මෙම වැව ආශ්‍රිතව කොටු තුළ බෝ කරන මත්‍ස්‍ය කර්මාන්තයක්ද දැකගත හැකි වේ. වැව ආශ්‍රිතව තම ජීවනෝපාය සරි කර ගන්නා අති මහත් පිරිසක් මේ වටා ජීවත් වෙති.

ඇඹිලිපිටියේ සිට නෝනාගම මාර්ගයේ කිලෝ මීටර් කීපයක් ගමන් කිරීමේදී චන්ද්‍රිකා වැවේ සොරොව්ව දැකගත හැකි වේ. මේ අවට නාන තොටුපල ඇති අතර, ඒවා ඇඹිලිපි‍ටිය හරහා සංචාරයේ යෙදෙන්නන්ගේ ඉතා ජනප්‍රිය ගිමන් හරින ස්ථාන වේ. නමුත්, මේ තුළ ඇති වැවේ අභ්‍යන්තර දිය වැල් පිළිබදව අවබෝධයකින් තොරව සහ මත්පැන් භාවිතා කර ජලයට බසින වටිනා ජීවිත රැසක් වර්ෂයක් පාසා අපට අහිමි වීම ශෝකයට කරුණකි.තවද කොකුන්, දියකාවන් ආදී පක්ෂීන් රාෂියක්ද මේ වැව ආශ්‍රිතව ජීවත් වෙති. ඔවුන් රංචු වශයෙන් මාළු අල්ලන දර්ශනයන් මෙම වැව ආශ්‍රිතව සුලබව දක්නට ලැබෙයි.

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel අපේ ගමේ තතු..(චන්ද්‍රිකා වැව) ini dipublish oleh nishawi pada hari Friday, April 6, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan අපේ ගමේ තතු..(චන්ද්‍රිකා වැව)
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...