ඊයේ, සැප්තැම්බර් 12, San Francisco නුවරදී Apple ඔවුන්ගේ අලුත්ම iPhone 5 නිල වශයෙන් නිවේදනය කරා. දැනට Apple හී CEO වශයෙන් කටයුතු කරන Tim Cook, iPhone 5 ඇතුලු තවත් Apple products කිහිපයක් මේ විදියට ඉදිරිපත් කරලා තිබුනා. මේ අලුත් Apple products අතර iOS 6, EarPods සහ නවතම iPod nano කැපී පෙනුනා.
අලුත් iPhone එකේ display size එක 4.0inches. Resolution එකනම් 640x1136. Pixel density අතරින් කොහොමත් Apple iPhone ඉස්සරහින් හිටියේ, ඉතින් අලුත් iPhone එකේ pixel density එකත් තියෙන්නේ 326 වගේ ගානක. RAM එකනම් තාම 1GB. Internal storage එක 16GB, 32GB හා 64GB තියෙන models නිකුත් වෙන්න නියමිතයිලු. සුපුරුදු විදියට SD card බෑ.
සාමාන්‍ය GPRS හා EDGE සමගින් 3G හා 4G LTE පහසුකම තියෙනවා. ලොකේ පාවිච්චි වෙන network frequencies වලට ගැලපෙන්න අලුත් iPhone models 3ක් නිකුත් වෙන්න නියමිතයි. මේ models තුනේ එක එක රටවල් වලට ගැලපෙන frequencies පාවිච්චි කරනවා.
මේකේ අඩංගු chip set එක Apple A6. Processor speed එක ගැන සඳහනක් නැතත් Apple කියන විදියට මේක පරන model එකට වඩා 2x faster ලූ.
අලුත් iPhone එකේ dock connector එකත් අලුත් කරලා තියෙනවා. Apple කිව්ව විදියට මේක "Lightening" dock එකක්. සාමාන්‍ය 30pin dock එක වෙනස් කරලා මේ පාර තියෙන්නේ පුංචි 9pin dock එකක්. පුරුදු විදියට micro-USB support එක මේ iPhone එකෙත් නෑ.
0 ප්‍රතිචාර:
Post a Comment
ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...